ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔමික්‍රෝන් හමුවේ අර්බුදයක

අප්‍රිකානු කලාපයේ පැතිරී යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය ”ඔමික්‍රෝන්” හේතුවෙන් මේ දින වල සිම්බාබ්බේ තරග සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.

සිම්බාබ්වේ හරාරේ හිදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ලෝක කුසලාන මූලික වටයේ තේරීම් තරගය අත්හැර දැමීමට කටයුතු කර ඇත.

අප්‍රිකානු කලාපයේ මතුවී ඇති නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ හේතුවෙන් 2022 දී නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි නොවෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *