දේශීය

ඇල්ල – පස්සර පාරේ 16 KM කණුව අසළ නායයෑමක් – මාර්ගය වැසේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල – පස්සර මාර්ගයේ 16 වෙනි කිලෝමීටර් කණුව අසළ නායයෑමක් සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සඳහන් කරයි.

එම මාර්ගයට ගල් හා පස් කණ්ඩි කඩා වැටීම හේතුවෙන් රථවාහන ගමනාගමනය සඳහා මාර්ගය වසා දමා තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් එම ප්‍රදේශය පරීක්ෂාවක් සිදු කර නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුව එම මාර්ගය යළි රථ වාහන ධාවනයට විවෘත කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *