ක්‍රීඩා

ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ පස්වන දිනය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පස්වන දිනය ගාල්ල ජාත්‍යන්තර කිකට් ක්‍රීඩාංගනයේ අද (03) ආරම්භ වීමට නියමිත වේ.

ඊයේ (02) දින තරගය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබා සිටියේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 153ක් රැස් කළ අතර ඇඹුල්දෙණිය නොදැවී ලකුණු 25ක් රැස් කළේය.

ඒ අනුව සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 279ක් ඉදිරියෙන් සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *