Latestදේශීය

කින්නියා ඛේදවාචකය: තවත් කාන්තාවක් ජීවිතක්ෂයට

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියා, කුරිඤ්ඤංකර්නි කලපුවේ පසුගිය 23 වන දා උදෑසන පාලම් පාරුවක් පෙරළීමේ සිද්ධියෙන් තවත් කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසය සඳහන් කළේ කින්නියා මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 41ක කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි.

ඒ අනුව කින්නියා පාලම් පාරු අනතුරින් මිය ගිය සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 06 හැවිරිදි දැරියක් පසුගිය මස 28 වන දා මියගොස් තිබුණි.

එමෙන්ම එම පාරුව පෙරළී එදිනම පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් ඇති අතර මිය ගිය පිරිස අතර වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙකු, වයස අවුරුදු 30ක කාන්තාවක්, ඇයගේ අවදුරු 06ක පුතෙකු සහ අවුරුදු 3 1/2ක දියනියක ද වේ.

එමෙන්ම එකම පවුලක වැඩිමහල් සහෝදරිය සහ බාල සහෝදරිය මිය ගිය පිරිස අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 25ත් 30ත් අතර පිරිසක් පාරුවේ ගමන් කරමින් සිට තිබූ අතර තුවාල ලැබූ පාසල් දරුවන් ද ඇතුළු තවත් පිරිසක් රෝහල්ගත කෙරුණි.

මේ අතර පාරුව පෙරළීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුව කින්නියා නගර සභා සභාපති, පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *