ක්‍රීඩා

LPL පළමු ජය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට

LPL ක්‍රිකට් සැණකෙළිය ආරම්භ කරමින් ඊයේ (05) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පළමු තරගය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමය අතර පැවැත්වුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට අවස්ථාව ලබා දෙන ලදි.

ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් නායක භානුක රාජපක්ෂ ලකුණු 56ක් රැස්කළ අතර සමිත් පටෙල් නොදැවී ලකුණු 42ක් රැස් කළේය.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තේය. 

පන්දු යැවිමේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ජේඩන් සීල්ස් කඩුලු 3ක් දවා ගත් අතර වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගත්තේය.

ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකි වූයේ පන්දුවාර 18 පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 110ක් රැස්කර ගැනීමට පමණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *