කොරෝනා ගැන විශේෂ සාකච්ඡාවක්
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (09) පැවැත්වීමට නියමිතය.
එමෙන්ම මෙරට පුරවැසියන්ට කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම අනිවාර්ය කිරීමට අදාළ නීති සම්පාදන කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
මෙරටින් වාර්තා වූ පළමු ඔමික්‍රෝන් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන්ගේ ඔමික්‍රෝන් පරීක්ෂණ වාර්තා ඉදිරි දින 02 තුළ ලැබීමට නියමිත බව සෟඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කොළඹ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියේ ය.
පවතින තත්ත්වට හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා විශේෂ රැස්විම අද රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිතව ඇත.
ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙනි.
අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ රට සම්පූර්ණයෙන් වසා දැමීමකින් තොරව කොරෝනා තත්ත්වය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා කිරිමට නියමිත බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

