දේශීය

ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

අද (12) පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා පැය 09ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මාලිම්බඩ ජල පිරිපහදුවේ සිට දියගඟ ජල තටාකය වෙත ජලය පොම්ප කරන නල මාර්ගයෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව දියගඟ, කැකණදුර, වෙහෙරහේන, ගන්දර, කෝට්ටගොඩ, කුඩාවැල්ල, දික්වැල්ල සහ රත්මලේ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *