ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි
වවුනියාව, තාණ්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අද (12) උදෑසන අනතුරක් සිදු වී තිබේ.
අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර දුම්රිය සංඥා සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකළ ත්‍රීරෝද රථයේ රියදුරු දුම්රිය හරස් මාර්ගය හරහා රථය ධාවනය කිරීමේ දී අනතුර සිදුවී ඇති බවයි පොලීසය සඳහන් කළේ.
කොළඹ සිට යාපනය බලා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ ත්‍රීරෝද රථය ගැටී තිබුණි.
වවුනියාව, තාණ්ඩිකුලම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගය පැවති බැවින් දුම්රිය රියදුරු වේගය අඩුකොට ධාවනය කිරීම හේතුවෙන් සිදුවිමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිව ඇති බව ද පොලීසය සඳහන් කළේය.
ප්‍රදේශවාසීන් පැවසූවේ තාණ්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතියේ ගැටලුවක් පවතින අතර දුම්රිය නොපැමිණෙන අවස්ථාවලදී ද දුම්රිය සංඥා පද්ධතියේ රතු එළිය දැල්වෙන බවයි.
දුම්රියේ ගැටුණ ත්‍රිරෝද රථය මද දුරක් ඇදි ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

