ක්‍රීඩා

දඹුල්ල ගාල්ලට පරදී

දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර ඊයේ (14) පැවැති තරගයෙන් ලකුණු 9ක තියුණු ජයක් වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනූ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ ආරාධනයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙන ලදි.

වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 14කට සීමා කෙරුණු අතර නියමත පන්දුවාර අවසානයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 134ක් රැස් කළේය.

එහිදී නායක භානුක රාජපක්ෂ ලකුණු 33ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 35ක් රැස් කළේය.

දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ඉම්රාන් තාහීර් කඩුලු 3 දවාගත් අතර ජෝෂ් ලිට්ල් කඩුලු 2ක් දවාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 14ක් තුළ කඩුලු 5ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 125ක් පමණි.

එහිදී ජනිත් ලියනගේ ලකුණු 51ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ස්මිත් පටෙල් සහ ඉසුරු උදාන කඩුලු 2ක බැගින් දවා ගත්හ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *