ගෝල් ග්ලැඩියේටර්ස් හමුවේ ජැෆ්නා කිංග්ස් පරදී
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර ඊයේ (17) පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 129ක් රැස් කළේය.
ජයග්‍රහනය සඳහා ලකුණු 130ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකි වූයේ පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 109ක් රැස් කර ගැනීමට පමණි.
ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු විස්සකින් පරාජයට පත් විය.
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ මෙතෙක් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පසභාගී වූ තරගවට අතරින් තරග වට දෙකක් පමණක් පරාජයට පත් වී ඇත. එම තරගවට දෙකම ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් වීමද විශේෂත්වයකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

