බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 147ක් අත්අඩංගුවට
බස්නාහිර පළාත තුළ ඊයේ (18) ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක දී වරෙන්තුකරුවන් හා විවිධ අපරාධ සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවන් 147 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී යතුරු පැදි, ත්‍රීරෝද රථ, මෝටර් රථ හා වෙනත් වාහන 11,162ක් හා පුද්ගලයින් 15,685 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරුවන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය, නීති විරෝධි මත්පැන්, නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි ද පොලිසිය භාරයට ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

