දේශීය

ලෝක ශූරතා බර ඉසිලීමේ ජයග්‍රාහකයින් දිවයිනට

ස්බෙකිස්තානයේ ටස්කන්ට් නුවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සමාන්තරව පැවති ලෝක ශූරතා බර ඉසිලීමේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) අලුයම දිවයිනට පැමිණ තිබේ.

තරගාවලියට සහභාගී වූ  ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක්, රිදී පදක්කමක් ඇතුළු ලෝකඩ පදක්කම් 05ක් දිනාගැනීමට සමත්වී තිබුණි.

ඒ අතරින් ශ්‍රී ලංකා බර ඉසිලීමේ කාන්තා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රීමාලී සමරකෝන් රන් පදක්කමක්, පොළොන්නරුව බර ඉසිලීමේ ක්‍රීඩා සමාජය නියෝජනය කළ තිමාලි හපුතැන්න රිදී පදක්කමක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නදීශානි රාජපක්ෂ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ චින්තන විදානගේ සහ ඉන්දික දිසානායකත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඒ.යූ.එම්.එම්.විජේසිංහ සහ පොළොන්නරුව බර ඉසිලීමේ ක්‍රීඩා සමාජයේ තිලංග පළගසිංහත් ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබුණි.

එහිදී මෙරට පිරිමි කණ්ඩායම ලෝක ශූරතා තරගාවලියේ තුන් වන ස්ථානය දිනාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණනක් ජයග්‍රහණය කළ තරගාවලිය ලෙස මෙම තරගාවලිය ඉතිහායසට එක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?