විදේශීය

පාකිස්තානයේ පිපිරීමකින් 15ක් මරුට

පාකිස්තානයේ කරිච්චි නුවර ෂෙරේෂා ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් තිබේ.

ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුවන්නට ඇති බවට සැක කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පෞද්ගලික බැංකුවක් පිහිටා ඇති මෙම ගොඩනැගිල්ලට මෙන්ම ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට ද පිපිරීමෙන් හානි සිදුව තිබේ.

සිද්ධියෙන් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 08 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *