දේශීය

ඉන්ධන මිල ඉහළ දැමීමට ඉල්ලීමක්

කඩිනමින් ඉන්ධන මිල වැඩි කළ යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

පසුගිය දෙසැම්බර් 10 වැනි දින ලිපියක් මගින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීමට ඩොලර් භාවිතා කළහොත් විදේශ විනිමය නොමැතිව රට විශාල අර්බුදයකට ලක් වනු ඇති බවයි.

ඒ අනුව පෙට්‍රල් රුපියල් 35ක්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වැඩි කර ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට පියවර ගත යුතු බව ද මහ බැංකු අධිපතිවරයා එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මෙම ලිපිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

මේ අතර ඉදිරි ඉන්ධන අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ඇණවුම් කිරීම සඳහා ඩොලර් නිකුත් නොකිරීම නිසා ණයවර ලිපි නිකුත් කිරීම ද අතරමග නැවතී ඇති බව වැඩිදු රටත් වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *