දේශීය

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනුරාධපුර, නව නගර සහ මිහින්තලය ජල සම්පාදන ක්‍රමය යටතේ ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට අද (23) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (24) ප.ව.8.00 දක්වා පැය 20ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව සාලියපුර, රඹෑව, ගල්කුලම, මාතලේ හන්දිය සහ යාපනය හන්දිය යන ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

එමෙන්ම මරදන්කුලම, දොරමඬලාව, සංගිලිකුලම, රඹෑව වැව පාර, මහකනදරාව,බෝගහයාය, පලුගස්වැව, ත්‍රිකුණාමලය පාර, කිරින්දේගම, ඉසුරු උයන, වේරන්කුලම, මිහින්තලය නගරය සහ රුවන්ගම යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *