ආහාර අර්බුදය සහ කැබිනට් ඇමතිවරුන්ගේ පරස්පර කතා
ලබන වසරේ රට තුළ කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බවට තමා සහතික වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) කොළඹ දී පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් ය.
රට තුළ ආහාර හිඟයක් ඇති වන බවට ප්‍රකාශ කරන්නේ රසායනික පොහොර සමාගම්වල නියෝජිතයින් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ආහාර නිෂ්පාදනයේ යම් අඩුවීමක් සිදු වුව ද ආහාර හිඟයක් ඇති නොවන බව නිලධාරීන් තමන්ට තහවුරු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
” රසායනික පොහොර සමාගම්වල නියෝජිතයින් පවසනවා රටේ ආහාර හිඟයක් ඇති වෙනවා කියලා. අද දිනයේ මම ලංකාවේ දිස්ත්‍රික්ක 25ම කෘෂි ක්ෂේත්රයේ නිලධාරීන් සමග සමාලෝචනයක් කළා, ලක්ෂ 08ක් වගා කරලා තියෙනවා. නිෂ්පාදනයේ පොඩි අඩුවීමක් වෙයි. නමුත් කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බව ඔවුන් සපථ කළා. එළවළු සඳහා පොහොර අපි ආනයනය කරලා තියෙනවා. ජනවාරි පොහොර ටික එනවා. ඒ නිසා කෘෂිකර්ම ඇමතිවරයා හැටියට වගකීමෙන් කියනවා ලබන වසරේ මේ රටේ කිසිදු ආහාර හිඟයක් ඇති වෙන්නේ නැති බවට.’’
කෙසේ වෙතත් හිටපු කෘස්කර්ම අමාතයවරයෙකු වන පරිසර අමාතය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ අනිවාර්යෙන්ම ලබන වසරේ ආහාර හිඟයකට මුහුණ දීමට නියමිත බවයි.
” ජීවන වියදම වැඩියි. ඒක අපි හැමෝටම දැනෙන දෙයක් නේ. අනිවාර්යෙන්ම ලබන අවුරුද්දේ ආහාර හිඟයකට මුහුණ දීමට නියමිතයි. ඒ නිසා අපි මහා වගා සංග්‍රාමයක් ආරම්භ කරලා සියලු දෙනා පෙළ ගැස්වීමේ කාලය ඇවිල්ලා තියෙනවා.’’
මේ අතර තනතුරෙන් ඉවත් කරන ලද කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු මහ ලේකම් මහාචාර්ය උදිත් කේ.ජයසංහ මහතා අවධාරණය කළේ පවතින තත්ත්වය යටතේ ආහාර හිඟයක් ඇති වන බවයි.
එසේ නොවන්නේ නම් එය ප්රාතිහර්යක් බව ද මහාචාර්යවරයා අවධාරණය කළේය.
” ආහාර හිඟයක් මේ කියන තත්ත්වය යටතේ ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ නැත්තේ නෑ. මේ දැන් වවලා තියෙන කුඹුරු දැක්කහම එළවළු හා පළතුරු වගාව දැක්කහම තේ, පොල්, රබර් වගාව දැක්කහම ආහාර හිඟයක් ඇති වෙනවා. ඇති වෙන්නේ නැත්නම් ප්‍රාතිහාරයක් වෙන්න ඕනේ.’’
” අපි මුල ඉඳලම කියලා අපි ඒකට පෙළගැස්වීමයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව එකපාරට මාර්තු මාසයේ වී නෑ, පොල් නෑ අරක නෑ මේක නෑ අපි කිවේවේ නෑ කියලා කියන්න නෙවෙයි. අපි යම් විද්‍යාත්මක අනතුරු ඇඟවීමක් සහ පෙර සැකසුමක් ඇතිව දැන් කටයුතු කළොත් මාස දෙක තුනකින් හරි මේකෙන් ගොඩ එන්න පුළුවන් කියන එක පෙන්වීම සඳහා තමයි මම බොහොම සරලව ඒ කටයුත්ත කළේ. එහෙම නැතුව රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනයක් වෙන්නේ නෑනේ ආහාර හිඟයක් එනවා කිව්වා කියලා.’’