Latestදේශීය

මහියංගනයේ දී සමන්තට උණුසුම් පිළිගැනීමක්

රට ගොඩගැනීමේ එකම සහ අවසන් බලාපොරොත්තුව ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව මහියංගනයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පිළිගනිමින් විවිධ දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන නියෝජිතයින් ප්‍රකාශ කළා.

දූෂිතයින් පාර්ලිමේන්තුවට යවමින් හදුන්නෙත්තිතිලා, සමන්ත විද්‍යාරත්නලා ගෙදර යවපු නිසා රටට නරක කලක් උදා වූ බවත් කළ යුතුව ඇත්තේ සමන්ත විද්‍යාරත්න වැනි දේශපාලනඥයින් බලයට ගෙන එමින් වසර 73ක දූෂිත දේශපාලනය නිමා කිරීම බවත් මෙහිදී ප්‍රකාශ වුණා.

පසුගිය 20 වන දා ජාතික ජන බලවේගයේ විශේෂ නියෝජිත මහා සමුළුවේ දී ජාතික විධායක සභාවක් සහ රට මුහුණ දී ඇති අර්බුදය හමුවේ ජාතික ජන බලවේගය රට හමුවේ ඇති අර්බුධයනට විසඳුම් සඳහා ප්‍රවේශ ලියැවිල්ලක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එම මහසමුළුවේ දී ජාතික ජන බලවේගයේ නායකත්වයට අනුර කුමාර දිසානායක මහතා පත් වූ අතර ලේකම් ධූරයට වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පත්වුණා.

ජාතික ජන බලවේගයේ විධායක සභික සමාජිකයින් 73 දෙනෙකුගෙන් සමන්විත ජාතික විධායක සභාව ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නම්කර ඇත. සමන්ත විද්‍යාරත්න මහතා ද මෙම විධායක සභාවේ සාමාජිකයෙකි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?