Latestදේශීය

රංජන්ට මන්ත්‍රීධූරය දෙනවා – හරීන් ප්‍රනාන්දු

පාස්කු ප්‍රහාරයට සාධාරණත්වයක් ඉටු කරනවා කියලා බලයට ආපු ආණ්ඩුව ගෑස් පිපිරීමට හේතුවවත් හොයා ගන්න බැරි දුර්වල තත්වයට පත්ව ඇති බව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා පවසනවා.

අද (25) දින රංජන් රාමනායක මහතාගේ සුව දුක් බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූවා.

රංජන් රාමනායක මහතාට යුක්තිය ඉටු විය යුතු බවත් රංජන් රාමනායක මහතා නිදහස් වී ආ විගස තමන්ගේ මන්ත්‍රීධූරය රංජන් රාමනායක මහතාට ලබා දීමට තමන් තීරණය කර ඇති බවත් මෙහිදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසුවා.

තව ද රංජන් රාමනායක මහතා නිදහස් කරගැනීමට සහ ආණ්ඩුවට එරෙහිව සිදු කිරීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග සඳහා සියලු දෙනා අත්වැල් බැදගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී අවධාරණය කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *