සහල් මෙට්ට්‍රික් ටොන් 10,000ක් වරායේ
සහල් කන්ටේනර් 500ක් වරායේ සිර වී ඇතැයි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ පොන්නි සම්බා, නාඩු සහ කැකුළු සහල් එම කන්ටේනර්වල අඩංගු බවයි එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා සඳහන් කළේ.
එලෙස සිරවී ඇති කන්ටේනර්වල අඩංගු සහල් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 10,000කි.
මේ අතර අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 1500ක් පමණ මේ වනවිට වරායේ සිර වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ වනවිට එම කන්ටේනර් කිහිපයක් පමණක් නිදහස් කර ඇති බව නිහාල් සෙනවිරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

