Latestවිදේශීය

ඉරාන ජනාධිපතිගේ ‌හෙලිකොප්ටර් අනතුර සියැසින් දුටු ගෝලම් හුසේන්

ඉරාන ජනා­ධි­පති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලි­කො­ප්ට­රය අතු­රු­ද­න්වීම සියැ­සින් දුටු බව ජනා­ධි­පති කාර්ය මණ්ඩ­ලයේ ප්‍රධානී ගෝලම් හොසේන් ප්‍රකාශ කර ඇත.

ඉරාන රජයේ රූප­වා­හිනි නාලි­කාව සමඟ සම්මුඛ සාක­ච්ඡා­ව­කට එක්වෙ­මින් ඔහු මේ බව සඳ­හන් කර තිබේ. අස­ර්බ­යි­ජාන් දේශ­සී­මාවේ වේල්ල විවෘත කිරීමේ උත්ස­ව­යට ජනා­ධි­ප­ති­ව­රයා ගමන් කළ හෙලි­කො­ප්ට­රය මැදි කර­මින් තවත් හෙලි­කො­ප්ටර් දෙකක් ගමන් කර තිබූ අතර, කාර්ය මණ්ඩල ප්‍රධා­නියා ගමන් කර ඇත්තේ තුන්වැනි හෙලි­කො­ප්ට­රයේ බව ද වාර්තා වේ. වේල්ල විවෘත කිරී­මෙන් පසු ජනා­ධි­ප­ති­ව­රයා ඇතුළු පිරිස දිවා නැම­දු­මට එක්වූ බවත්, අන­තු­රුව ටබ්රිස් බලා පිටත්ව වූ බවත් සඳ­හන් කර ඇති කාර්ය මණ්ඩල ප්‍රධානි ඒ වන­විට යහ­පත් කාල­ගුණ තත්ත්ව­යක් පැවැති බව ද ප්‍රකාශ කර තිබේ. එහෙත් පැය භාග­ය­කට පමණ පසු වර්ස­කාන් ප්‍රදේ­ශයේ පිහිටි සන්ගන් තඹ ආකා­ර­යට ඉහ­ළින් පියා­සර කර­මින් සිටි­යදී ඉදි­රි­යෙන් ඝන වලා­කුළු තිබුණු බව ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ. හෙලි­කො­ප්ටර් යානා ත්‍රිත්ව­ය­ටම අණ­දෙන නිල­ධා­රියා ලෙස කට­යුතු කර ඇති ජනා­ධි­ප­ති­ව­රයා සමඟ අන­තු­රින් මිය ගිය එම හෙලි­කො­ප්ටර් යානයේ නිය­මුවා වන අතර, ඔහු සෙසු නිය­මු­වන්ට උප­දෙස් දී ඇත්තේ එම ඝන වලා­කු­ළු­ව­ලට ඉහ­ළින් පියා­සර කරන ලෙස­ටය. කාර්ය මණ්ඩල ප්‍රධා­නියා සිටි හෙලි­කො­ප්ට­රය පියා­සර කර ඇත්තේ ජනා­ධිප­ති­ව­ර­යාගේ හෙලි­කො­ප්ට­ර­යට පසු­ප­සින් ගමන් කළ හෙලි­කො­ප්ට­ර­යට පසු­ප­සින් බවද වාර්තා වේ. ප්‍රධාන නිය­මු­වාගේ උප­දෙස් ලැබී තත්ත්පර 30ක් ඇතු­ළත ඔහු ගමන් ගත් හෙලි­කො­ප්ට­රය ඉහ­ළට ඔසවා ඇති අතර, ජනා­ධි­ප­ති­ව­රයා ගමන් ගත් හෙලි­කො­ප්ට­රය අතු­රු­දන් වී ඇති බව ඒ මොහො­තේ­දිම නිය­මුවා සහ කාර්ය මණ්ඩල ප්‍රධා­නියා ඇතුළු පිරි­සට අව­බෝධ වී ඇත. ඝන වලා­කු­ළු­ව­ලට ඉහ­ළින් පියා­සර කළ බැවින් ඉදි­රි­යෙන් පියා­සර කළ ජනා­ධි­ප­ති­ව­රයා රැගත් හෙලි­කො­ප්ට­ර­යට සිදු­වූයේ කුම­ක්දැයි නොදුටු බව ද කාර්ය මණ්ඩල ප්‍රධා­නියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත.

පසුව අතු­රු­දන් වූ හෙලි­කො­ප්ට­රය ගැන සොයා බැලී­මට ඔවුන්ගේ හෙලි­කො­ප්ට­රය ආපසු හරවා ඇති අතර, ඒ වන­විට ජනා­ධි­ප­ති­ව­රයා ගමන් ගත් හෙලි­කො­ප්ට­රය සමඟ සියලු සම්බ­න්ධතා බිඳ­වැටී තිබූ බව ද ඔහු සඳ­හන් කර ඇත.

‘අපි හිතුවේ ඔවුන් හදිසි ගොඩ­බැ­ස්මක් සිදු කර­න්නට ඇති කිය­ලයි. ජනා­ධි­ප­ති­ව­රයා ගමන් කළ හෙලි­කො­ප්ට­රය අව­සන් වතා­වට අපේ නිය­මුවා සමඟ සම්බන්ධ වී තිබුණේ ඝන වලා­කුළු මඟ හැරී­මට යානය ඉහ­ළට ඔස­වන ලෙස උප­දෙස් දුන් අව­ස්ථා­වේදී පම­ණයි. ඒ වන­විට සම්බ­න්ධ­තාව බිඳ වැටිලා තත්පර 90ක් විතර ගත­වෙලා තිබුණා. ජනා­ධි­ප­ති­ව­රයා ගිය හෙලි­කො­ප්ටර් යාන­යට මොකද වුණේ බලන්න අපේ නිය­මුවා වට දෙකක්ම හෙලි­කො­ප්ට­රය රැගෙන ගියා. ඝන වලා­කුළු තිබුණු තැනට යෑම අව­දා­නම් නිසා එතැ­නට ගියේ නෑ. ඒ අත­ර­තු­රත් අපි ඔවුන්ගේ ජංගම දුර­ක­ත­න­ව­ලට ඇම­තුම් ගන්න නොක­ඩවා උත්සාහ ගත්තා. ඒත් කිසි­කෙ­නෙක් ප්‍රති­චාර දැක්වුයේ නෑ. පස්සේ වැඩි­දු­රට සොයා බලන්න අපි වහාම සන්ගන් තඹ ආකා­රය තිබුණු තැනට හෙලි­කො­ප්ට­රය ගොඩ බැස්සුවා.‘ ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධා­නියා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර තිබේ.

අන­තු­රුව ඔහු ජනා­ධි­ප­ති­ව­රයා ගමන් ගත් හෙලි­කො­ප්ට­රයේ ප්‍රධා­නි­යාගේ ජංගම දුර­ක­ත­න­යට ඇම­තු­මක් ගෙන ඇති අතර, ඊට පිළි­තුරු දී ඇත්තේ අන­තු­රින් පසු පැය 18ක්ම ජීව­තුන් අතර සිටි ටබ්රිස් පළාතේ ප්‍රධාන පූජ­ක­ව­රයා විසිනි.

ඉතා අසි­රු­වෙන් පිළි­තුර දී ඇති ප්‍රධාන පූජ­ක­ව­රයා සිදු­වූයේ කුම­ක්දැයි නොදන්නා බවත්, සිටින ස්ථානය ගැන පැහැ­දිලි අව­බෝ­ධ­යක් නැති බවත් සඳ­හන් කර ඇත. එහෙත් අවට පරි­ස­රය පුරා ගස්වැල් පෙනෙන බව ද ඔහු පවසා ඇත. හෙලි­කො­ප්ට­රයේ ගමන් ගත් ජනා­ධි­ප­ති­ව­රයා හෝ සෙසු පුද්ග­ල­යන් ගැන කිසි­වක් නොදන්නා බවත්, ඔවුන් පෙනෙ­න්නට නොමැති බවත් පූජ­ක­ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර තිබේ.

තම හෙලි­කො­ප්ට­රය ගොඩ බැස්වූ සන්ගන් තඹ ආකා­රය සතුව ගිලන් රථ ඇතුළු වාහන කිහි­ප­යක් තිබූ බැවින් වහාම ජනා­ධි­ප­ති­ව­රයා ඇතුළු පිරිස ගැන සොයා බැලී­මට කණ්ඩා­ය­මක් පිටත් කළ බව ජනා­ධි­පති කාර්ය මණ්ඩ­ලයේ ප්‍රධානි ගෝලම් හොසෙන් එම සම්මුඛ සාක­ච්ඡා­වේදී වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ. අන­තු­රුව ඔහු එම සිදු­වීම පිළි­බඳ රජයේ ප්‍රධා­නින්ට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?