Latestවිදේශීය

ඊශ්‍රා­ය­ල­යට පහ­ර­දීම ත්‍රස්ත ක්‍රියා­වක්- ඉන්දීය විදේශ ඇමැ­ති­ ජයිශංකර්

හමාස්  සංවි­ධා­නය පසු­ගිය වසරේ ඔක්තෝ­බර් 7 වැනිදා ඊශ්‍රා­ය­ල­යට පහ­ර­දීම ත්‍රස්ත  ක්‍රියා­වක් බවත්, ත්‍රස්ත­වා­ද­යට ගොදුරු වන ඕනෑම රටක් ප්‍රති­චාර දක්වන බවත්  ඉන්දීය විදේශ ඇමති එස්.ජයි­ශං­කර් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා  කළේය. මහා­රස්ට්‍ර ප්‍රාන්තයේ නෂීක් දිස්ත්‍රි­ක්කයේ පැවැති ‘විශ්ව­බන්දු  භාරත්‘ නමැති සංවා­ද­ය­කට එක්වෙ­මින් ඉන්දීය විදේශ ඇමැ­ති­ව­රයා මේ ප්‍රකා­ශය සිදු  කර ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

ඊශ්‍රා­යල – හමාස් යුද්ධය පිළි­බඳ  ප්‍රකා­ශ­යක් නිකුත් කිරී­මට සූදා­නම් නැති බව ඉන්දීය විරුද්ධ පක්ෂය ප්‍රකාශ කර  ඇති බවත්, එවැනි ප්‍රකා­ශ­යක් සිදු කිරීම ඔවුන්ගේ මැති­ව­ර­ණ ව්‍යාපා­ර­යට  බල­පානු ඇතැයි උප­ක­ල්ප­නය කර­මින් කිසිදු ප්‍රකා­ශ­යක් සිදු කිරී­මෙන් වැළකී සිටින  බවත් විදේශ ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ.

හමාස් සංවි­ධා­නයේ  ත්‍රස්ත ප්‍රහා­ර­යට ප්‍රති­චාර දැක්වු­වද, ඉන් සිවිල් වැසි­යන්ට හානි­යක් නොවිය  යුතු බවත්, සිය රට වෙනු­වෙන් පල­ස්තී­න­යට විස­ඳු­මක් සොයා ගත යුතුව ඇති බවත්  ජයි­ශං­කර් එම සංවා­ද­යේදී වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?