Latestදේශීය

සුසිල් ප්‍රේමජයන්ත ඇමතිකමින් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත මහතාව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම බලතල අනුව මෙම ඉවත් කිරීම සිදුකරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

පසුගිය කාලයේ දී සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා වත්මන් රජයේ ක්‍රියාවන් දැඩි ලෙස විවේචනය කරමින් ආන්දෝලාත්මක ප්‍රකාශ ගණනාවක් ඉදිරිපත් කර තිබුණි.

රටේ පාලනය සාර්ථකව කළහැකි දක්ෂයින්ට බලය ලබාදිය යුතු බව ද අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම අවධාරණය කර තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *