වැලිකඩ නඩුවේ තීන්දුව අද
වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 08 දෙනකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකු වූ එමිල් රන්ජන් ළමාහේවාට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුවේ තීන්දුව අද (06) ප්‍රකාශ කිරිමට නියමිතව තිබේ.

ඒ ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
2012 වසරේ නොවැම්බර් මස 09 වැනි දා සිදුවූ මෙම ඝාතන සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරනු ලැබුවේ 2019 ජූලි මස 04 වැනිදායි.
නීතිපතිවරයා විසින් මුල් අවස්ථාවේ මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටි බන්ධනාගාරයයේ හිටපු බුද්ධි අංශ නිලධාරියකු වූ ඉන්දික සම්පත් නමැත්තා නඩු පවරන අවස්ථාව වන විටත් විදෙස්ගතව සිටියේ ය.
නඩු කටයුතු ආරම්භ කිරීමෙන් පසු ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනුණු අතර පැමිණිල්ලේ සාක්කි අවසානයේ විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ ඔහුට විරුද්ධව පැමිණිල්ලෙන් සාක්ෂි ඉදිරිපත් නොවන බවයි.
ඒ අනුව එම විත්තිකරු නිදොස් කොට නිදහස් කළ විනිසුරු මඩුල්ල නියෝමාල් රංගජීව හා එමිල් රන්ජන් ළමාහේවා යන විත්තිකරුවන්ට එරෙහිව නඩුව ඉදිරියට විභාග කෙරුණි.
2012 නොවැම්බර් 09 වැනිදා බන්ධනාගාරය තුළ වූ කැරැල්ල හේතුවෙන් රැඳවියන් 27 දෙනකු ඝාතනය වුවත් නීතිපතිවරයාට නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව තිබුණේ රැඳවියන් 08 දෙනකු ඝාතනය සම්බන්ධයෙන් පමණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

