උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක අයදුම්පත් කැඳවීම online ක්‍රමයට
2021 (2022) අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව උසස් පෙළ විභාගයෙහි උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයඳුම්පත්‍ර කැඳවීමට තීරණය කර ඇත.
අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය ජනවාරි මස 20 වන දින වන බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
පහත දැක්වෙන ඕනෑම ක්‍රමයක් ඔස්සේ අයදුම් කළ හැකි අතර එම පද්ධතිවලට පිවිසීම සඳහා සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කළ යුතුය.
- ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk වෙත පිවිස “අපගේ සේවා” යටතේ ඇති මාර්ගගත අයදුම්පත් (පාසල් විභාග) මත click කිරීමෙන් අයදුම්පත්‍ර ලබාගත හැකිය.
- ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම (Moblie Application) වන “DoE” වෙත පිවිස මාර්ගගත අයදුම්පත් (පාසල් විභාග) මත Click කිරීමෙන් ද අයදුම්පත්‍ර ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
- එසේ නොමැති නම් https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ද අයදුම්පත්‍ර ලබාගත හැකිය.
මේ සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින්,

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

