රාත්‍රී විදුලිය කැපීමේ කාලය අද සිට අඩු කෙරේ
අද (08) සිට රාත්‍රී විදුලිය කැපීමේ කාලය අඩු කිරීමට හැකියාව ලැබෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
විදුලිබල මණ්ඩලය විසින් ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැවි තෙල් ලබාදීම අත්හිටුවීමට පියවර ගැනීමත් සමග සපුගස්කන්ද මෙන්ම කුකුලේ ගඟ විදුලි බලාගාරවල විදුලි ජනන කටයුතුවලට බාධා එල්ල විය.
මේ හේතුවෙන් ඊයේ (07) සහ පෙරේදා (06) දිනවල දී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා වූ කාලය තුළ පැයක කාලයක් විටින් විට විදුලිය අත්හිටුවනු ලැබීය.
කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ රාත්‍රි කාලයේ දී කොළඹ වරායේ පිහිටි පාවෙන විදුලි බලාගාරය සඳහා දැවිතෙල් මෙට්‍රික්ටොන් 2,500ක් සහ සපුගස්කන්ද විදුලි බලාගාරය සඳහා අද දිනයේ දී මෙට්‍රික්ටොන් 2,500ක් ලබාදීමට එකඟතාවය පළකළ බව වාර්තා වේ.
කොළඹ වරායේ පිහිටි පාවෙන විදුලි බලාගාරය මගින් මෙගාවොට් 60ක ධාරිතාවයක් උත්පාදනය කෙරෙන අතර සපුගස්කන්ද විදුලි බලාගාරයෙන් මෙගාවොට් 160ක විදුලිය නිෂ්පාදනය කෙරෙනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

