කොදෙව්වන් හමුවේ අයර්ලන්තයට ජය
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර කිංග්ස්ටන්හීදී පැවති දෙවන එක්දින ක්රිකට් තරගයෙන් අයර්ලන්ත කණ්ඩායම කඩුලු 05 කින් ජය ගැනීමට සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවස්ථාව දෙන ලදි.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 48 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 229 කි.
ජයග්රහණය සඳහා ලකුණු 230 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 32 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 168 ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.
ඒ අනුව ඩක්වස් සහ ලුවිස් නියායට අනුව තරගයේ ජය අයර්ලන්ත කණ්ඩායමට හිමි විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

