දේශීය

විදුලි ඉංජිනේරුවන්ගේ අවසන් තීරණය අද

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමුවීම සම්බන්ධයෙන් වු අවසන් තීරණයක් අද (19) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

සිය ගැටලු සම්බන්ධයෙන් ලංකා විදුලි මණ්ඩලයේ අධ්‍ය්‍යක්ෂ මණ්ඩලය විසින් අද දිනයේ යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇති බවට අපේක්ෂා කරන බවයි එහි විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා සඳහන් කළේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් ඊයේ (18) අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වුණි.

කෙසේ වුවද විදුලි බල මණ්ඩලයේ නව සමාන්‍යාධිකාරිවරයාගේ පත්කිරීම අවලංගු කිරීමට කටයුතු නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *