දේශීය

බූස්ටර් මාත්‍රාව ගත් පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි

මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා ගොස් තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ඊයේ (26) දිනයේ දී පුද්ගලයින් 30,253 දෙනෙකු එන්නත් ලබාගැනීමත් සමග එන්නත් ලබාගත් සමස්තය මෙලෙස මිලියන 5 ඉක්මවා ගිය බවයි.

මේ අතර මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 900යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 927 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මාස හතරකට පමණ පසුව දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 900යේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

ඊයේ දිනයේ හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 05 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සඳහන් වේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 604,581කි.

ආසාදිතයින් 576,781 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 12,454 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *