දේශීය

තුර්කි විදේශ ඇමති දිවයිනට

තුර්කි විදේශ කටයුතු අමාත්‍ය මෙව්ලුට් චැවුෂෝලු මහතා නිල සංචාරයක් සඳහා අද (28) දිවයිනට පැමිණියේ ය.

කටුනායක ගුවන්තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ තුර්කි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සමග 13 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් පැමිණි බවයි.

ඔවුන් පිළිගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා ඇතුළු පිරිසක්  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එක්දින නිල සංචාරය අවසන් කරමින් අද පස්වරුවේ ඒ මහතා ඇතුළු ධූත පිරිස දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *