විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙක් දරු දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගනී
ඕස්ට්‍රෙලියාවේ පර්ත් නුවර වාසය කරන 40 හැවිරිදි ශ්‍රී ලාංකියෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර දිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බටහිර ඕස්ට්‍රෙලියානු පොලීසිය සඳහන් කරන පරිදි මියගිය පිරිමි දරුවාගේ වයස අවුරුදු 6ක් වන අතර ගැහැණු දරුවාගේ වයස අවුරුදු 4කි.
පසුව ඔවුන්ගේ පියා සිය ගරාජයේ දී දිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය පිළිබඳ වාර්තා වී ඇත්තේ සිය දරුවන් කැටුව යාමට පැමිණි මවට ඔවුන් එම ස්ථානයේ නොමැති බව දැන පොලීසියට දැන්වීමෙන් අනතුරුවයි.
දරුවන් දෙදෙනා ඝාතනය කර දිවි නසා ගැනීමට පෙර මොහු විසින් ඔවුන් සමග ලබා ගත් ඡායාරූපයක් ද සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනවා.
එමෙන්ම පසුගිය දෙසැම්බරයේ දී ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක් කළ වීඩියෝ පටයකින් සඳහන් කර තිබුණේ තමා මානසික ආතතියෙන් පෙලෙන අතර ඒ සඳහා මනෝ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබා ගත් බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

