Latestදේශීය

නිදහස් වූ සිරකරුවන් අතර රංජන් නෑ

අද දින නිදහස ලැබූ සිරකරුවන් අතර රංජන් රාමනායක මහතාගේ නම සදහන්ව නැහැ.

74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව හිමි වූ සිරකරුවන් අතර රංජන් රාමනායක මහතාගේ නම ඇතුළත්ව නොමැති අතර සිරකරුවන් 197 දෙනෙකු අද දින ජනාධිපති සමාව ලබා තිබුනා.

අද දිනයේ නිදහස හිමිව ඇත්තේ දඩ මුදල් ගෙවාගත නොහැකිවීම මත බන්ධනාගාර ගත කරන ලද අය අතරින් වයස අවුරුදු 65 ඉක්මවු අය, නියම වූ දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති අය, වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර ඉන් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති අයගෙන් පිරිසකටයි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය පුරා රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව හිමිවනු ඇති බවට වූ පුවත් මාධ්‍ය ලෝකයේ දක්නට ලැබුනු අතර විවිධ පාර්ශවයන් රංජන් රාමනායක මහතාට නිදහස ලැබෙනු ඇතැයි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබුනා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *