දේශීය

සෞඛ්‍ය වෘත්තීයවේදීන් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුලිකර ගනිමින් අද (07) දිනයේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පියවර ගෙන තිබේ.

එම සංගමය සඳහන් කළේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට උද්ගතවී ඇති ගැටලු සඳහා විසඳුම් ලබා දීම ප්‍රමාද වීම මුලික කරගෙන වැඩ වර්ජනයට යොමුවීමට පියවර ගත් බවයි.

ඒ අනුව රෝගී සත්කාර සේවාවට බාධා නොවන අයුරින් හෙද – පරිපූරක වෛද්‍ය – අතුරු වෛද්‍ය සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට බලපාන ගැටලු සඳහා විසඳුම් අපේක්ෂාවෙන් අද පෙරවරු 7. 00 සිට වර්ජනය ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *