Latestක්‍රීඩාදේශීය

කෞෂිනීගෙන් වාර්තාගත ත්‍රිත්ව ශතකයක්

නුගේගොඩ අනුලා විද්‍යාලය සහ මාරපොළ මහ විද්‍යාලය අතර ඊයේ (14) වේයන්ගොඩදී පැවති අන්තර් පාසල් 19 න් පහල බාලිකා ක්‍රිකට් තරගාවලියේදී නුගේගොඩ අනුලා විද්‍යාලයේ කෞෂිනී නුත්‍යංගා නොදැවී ලකුණු 374 ක් රැස්කරමින් පාසල් ක්‍රිකට් වාර්තාවක් තැබීමට සමත්වුණා.

පන්දු 133කට පමණක් මුහුණ දෙමින් රැස්කල මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 52 ක් සහ හයේ පහර 19 ක් ඇතුලත්වූණා. කෞෂිනී විසින් ලබාගත් මෙම ලකුණු සංඛ්‍යාව 19 පහල බාලිකා තරගයක පිතිකාරිනියක් ලබාගත් ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වනු ඇති. එලෙසම එය මෙම තරග වාරයේ ක්‍රීඩිකාවක විසින් ලකුණු 200කට වඩා ලබාගත් දෙවන අවස්ථාවයි. පසුගිය සෙනසුරාදා පැවති තරගයකදී වාද්දුව මහ විද්‍යාලයේ නවෝද්‍යා නෙත්මිනි නොදැවී ලකුණු 201ක් රැස් කිර්‍රිමට සමත්වුණා.

එක් පිලකට පන්දුවාර 30 බැගින් ලැබෙන මෙම තරගාවලියේ අනුලා විද්‍යාලයේ ආරම්භක පිතිකාරිනියන් වන කෞෂිනී නුත්‍යංගා සහ ශිකාරි රණහංසි මෙම තරගයේදී ප්‍රථම කඩුල්ල සඳහා ලකුණු 552 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වීමත් කැපී පෙනුණා.

පිළිතුරු ඉනිමේදී මාරපොළ මහ විද්‍යාල ක්‍රීඩිකාවන් හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 40ක් පමණයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *