දේශීය

මෙරට ජනතාවගෙන් වැඩි පිරිසක් බූස්ටර් එන්නත ගෙන නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

මෙරට ඉලක්කගත ජනතාවගෙන් වැඩි පිරිසක් කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

කොවිඩ් රෝගී තත්ත්වය 100%ක්ම පහව ගොස් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේය.

එම මහතා වැඩිදුරටත් කියා සිටියේ, නැවතත් නව කොවිඩ් ප්‍රභේදයන් වාර්තා වීමේ හැකියාව තවදුරටත් පවතින බවයි.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අඩාල වී තිබු දිවයිනේ සියලු රෝහල්වල දන්ත සෞඛ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව මහරගම මූඛ සෙඛ්‍ය ආයතනයේ දන්ත සංරක්ෂණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය සෝනාලි රණතුංග මෙනෙවිය සඳහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *