දේශීය

කඩදාසි නොමැති වීම නිසා විදුලි බිල්පත් මුද්‍රණයට බාධා

ඩොලර් නොමැතිකම හේතුවෙන් විදුලි බිල්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි  ලබා ගැනීමට ද බාධා මතුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ලිඛිතව විදුලි පාරිභෝගිකයින් වෙත බිල්පත් නිකුත් කරන්නැයි මනු කියවන්නන් වෙත දැනුම් දී ඇති බව එහි අතිරේක සාමාන්‍යාධිකාරී, මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා පවසා තිබේ.

විදුලි බිල්පත් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට යම් ගැටළුකාරි තත්ත්වයක් වෙතොත් ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් පිටුවට පිවිස ඒ පිළිබදව පරික්ෂා කරගත හැකි බවද අතිරේක සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *