සාගරය දේශපාලන අරගලබිමක් නොවි යුතු බව චීනය පවසයි
සාගරය, ජාත්‍යන්තර දේශපාලන අරගල බිමක් නොවිය යුතු බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍ය සහකාර Miao Deyu මහතා මේ බව කියාසිටියේ, (5) පැවති “මහාද්වීපික තටකය හා කලාපීය පාලන තන්ත්‍රවල තාක්ෂණික සහ නීතිමය අංශ” පිළිබඳ 7 වැනි ජාත්‍යන්තර වැඩමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.
“එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය” බලාත්මක වීමේ 30 වැනි සංවත්සරය මෙම වසරට යෙදී ඇත. භූ දේශපාලනික ආත්මාර්ථකාමී අවශ්‍යතා මුල්කර ගනිමින් ඇතැම් රටවල් එම සම්මුතිය වැරදි ලෙස අර්ථකථනය කර, අනිසි ලෙස භාවිත කරන බව Miao Deyu මහතා එහිදී පෙන්වා දුන්නේය. එසේම, ඔවුන් ඒකපාර්ශ්වවාදය අනුගමනය කරමින් සමුද්‍රීය ආධිපත්‍යය හිමිකර ගැනීමට උත්සාහ දරන බව ද ඔහු පැවසීය.
වර්තමානයේ මානව ක්‍රියාකාරකම්, සමුද්‍ර තාක්ෂණික නවෝත්පාදන සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ගෝලීය සාගර පාලනයට නව ගැටලුකාරී තත්ත්ව රැසක් උද්ගත ව පවතී. ජාත්‍යන්තර ප්‍රජාව එක්ව එම ගැටලු කඩිනමින් විසඳා ගත යුතු බව ද Miao Deyu මහතා කියාසිටියේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

