ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ජූනි මස ශ්‍රී ලංකාවට
ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම T20, එක්දින ජාත්‍යන්තර සහ ටෙස්ට් තරග වලින් සමන්විත සංචාරයක් සඳහා ජුනි මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (25) නිවේදනය කර සිටියා.
ඕස්ට්‍රේලියානුවන් මෙම සංචාරයේදී T20 තරඟ 03ක්, ODI තරඟ 05ක් සහ ටෙස්ට් තරඟ 02ක් ක්‍රීඩා කරනු ඇති. සංචාරය T20I තරඟාවලියෙන් ආරම්භ වන අතර, පිළිවෙලින් ODI සහ ටෙස්ට් තරඟාවලියෙන් ඉන් පසුව පැවැත්වීමට නියමිතයි.
කොළඹ, මහනුවර සහ ගාල්ල යන නගරවල එම තරග පැවැත්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

