ආර්ථික අර්බුධය හමුවේ අපරාධ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න – ශ්‍රී ලංකා පොලීසිය
අවුරුදු සමයේ සිදු කෙරෙන විවිධ ගමන් බිමන් හෝ චාරිකා සම්බන්ධ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත පලකිරීමෙන් වළකින්නැයි පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ, එසේ පලකිරීමෙන් ඔබ අපරාධයක වින්ධිතයෙකු විය හැකි බවයි.
මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයින්ගෙන් යතුරු පැදි, ත්‍රිරෝද රථ මෙන්ම රන් භාණ්ඩ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස ද ඔහු ජනතාවට දැනුම් දෙයි.
මීට පෙර ද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්ථමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් ජනතාව දැනුවත් කළේ වත්මන් ආර්ථික අර්බුධය හේතුවෙන් රටතුළ අපරාධ වැඩිවීමේ ප්රවනතාවයක් දැකිය හැකි බැවින් මහජනතාව ආරාක්ෂාකාරීව වගකීම්සහගතව කටයුතු කළ යුතු බවයි.
රන්භාන්ඩ පැලද ගමන් බිමන් යාම මෙන්ම රාත්‍රී ගමන් බිමන් යාම අවධානම් බව පෙන්වාදුන් එම නිවේදනයේ මුදල් පසුම්බි සහ ජංගම දුරකථන සම්බන්ධයෙන් වෙනදාට වඩා සැලකිලිමත් වන ලෙස මහජනතාව දැනුවත් කරන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

