ක්‍රීඩා

ඕස්ට්‍රේලියාව හත්වන වතාවටත් කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජය ගනියි

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හිදී පැවති අවසන් තරගයේදී ලකුණු 71 කින් එංගලන්ත කන්ඩායම පරාජයකරමින් සිය හත්වන ලෝක කාන්තා ක්‍රිකට් ශූරතවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කන්ඩායම සමත් විය.

ඇලිස්සා හීලී විසින් රැස්කරනලද දැවන්ත ලකුණු 170 ක ඉනිමේ ආධාරයෙන් කඩුලු පහකට ලකුණු 356 ක් රැස්කල ඕස්ට්‍රේලියා කන්ඩායම, සිය ප්‍රතිවාදීන් පන්දුවාර 43.4 කදී ලකුණු 285 කට සීමා කිරීමට සමත් විය.

හීලී විසින් රැස්කරන ලද ලකුණු 170 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක රැස්කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර ඇය ලෝක කුසලානයේ පිලිමලුන් පිටුදැකීමේ පරිච්චේදයක ශතක දෙකක් ලබාගත් එකම ක්‍රීඩිකාව වශයෙන් ද ඉතිහාස ගත වුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *