ජාතික ජන බලවේගය බේරුවලින් ගමන් අරඹයි
අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! තේමාව යටතේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන අද (17) බේරුවල නගරයෙන් ගමන් ආරම්භ කළා.
දහස්ගණනක ජන සහභාගිත්වයෙන් ආරම්භ වූ මෙම පාගමන අද දින වාද්දුව බලා ගමන් කිරීමට නියමිතයි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරු ඇතුළු නායකයින් පෙරටුකරගෙන මෙම විරෝධතා පා ගමන ක්‍රියාත්මක වන අතර පා ගමන හේතුවෙන් මාර්ගයේ විවිධ ස්ථානයන් හී දැඩි වාහන තදබදයක් ද දක්නට ලැබෙනවා.
හෙට(18) වාද්දුවෙන් ආරම්භ වීමට නියමිත පාගමන මොරටුව බලා ගමන් කිරීමටයි සංවිධානය කර ඇත්තේ.
අනිද්දා(19) මොරටුවේ සිට කොළඹ නගරසභා පිටියට ගමන් කිරීමට නියමිතයි.
ජාතික ජන බලවේගය බේරුවල නගරයෙන්අද(17) ආරම්භ කළ දැවැන්ත පා ගමන ගොල්පෙස් පිටිය දක්වා ගමන් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා බේරුවලදී පැවසීය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරු ඇතුළු නායකයින් පෙරටුකරගත් පා ගමන මේ වනවිට ගම් නගර පසුකරමින් වාද්දුවට ලගා වෙමින් තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

