Latestදේශීය

රඹුක්කනදී ආයුධ තුනකින් උන්ඩ 90ක් පාවිච්චි කරලා තියෙනවා – නලීන් බන්ඩාර

රඹුක්කන සාමකාමී උද්ඝෝෂණයට පහර දීමට සහ ජනතාවට වෙඩි තැබීමට ආයුධ තුනකින් උන්ඩ 90ක් පාවිච්චි කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බන්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. උද්ඝෝෂණයකදී අත්අඩංගුවට වත් නොගන්නා ලෙස තීන්දු ලබා දී තිබියදී S S P කීර්තිරත්න මහතා මෙම වෙඩි තැබීමට නියෝග ලබා දී ඇති බව නලීන් බන්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවා.

කීර්තිරත්න මහතා තම රාජකාරියේ නියුතුව සිටියදී බීමතින් හැසිරුනු වටපිටාවක හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මඩකලපුවට මාරුවීමක් ලබා දී ඇති බව පවසන බන්ඩාර මහතා රඹුක්කන වෙඩි තැබීමට නියෝග ලබා දීමට ආසන්න කාලයේදී කෑගල්ල, මහනුවර සහ හම්බන්තොට නියෝජනය කරන කැබිනට් ඇමතිවරු 3 දෙනෙක් S S P කීර්තිරත්න මහතාට දුරකථන ඇමතුම් ලබා දී ඇති බවත් පැවසුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *