ජනාධිපති කියනවා නම් මම යනවා – මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා පවසන්නේ නම් තමන් ඉල්ලා අස්වී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි මාධ්‍ය වාර්තා පලවෙයි.
අග‍්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වීම සුදුසු යයි ජනාධිපතිවරයා විසින් කරන ලද යෝජනාවකින් පසු අගමැතිවරයා මෙසේ පවසා ඇතැයි සදහන්ය.
රාජපක්ෂ පවුලේ සාමාජිකයන් පමණක් සහභාගිත්වයෙන් ඊයේ මධ්‍යම රාත‍්‍රිය වන තෙක් පැවති සාකච්ඡාවේදී මේ බව පවසා ඇති බවද එම වාර්තාවන් කියයි.
සාකච්ඡාවට ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ චමල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගි වී ඇත.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

