Latestදේශීය

චීනය උදව් කරන්න සූදානම්

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් ඇති ඉන්ධන හිගය මගහරවා ගැනීම සඳහා ඩීසල් ලබා දීමේ යෝජනාවක් චීනය විසින් ඉදිරිපත් කර ඇතත් ශ්‍රී ලංකාව තවමත් ඊට ප්‍රතිචාර දක්වා නැතැයි වාර්තා වේ.

චීනය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ හදිසි ආධාර ලෙස ලබාදීමට වුවද ශ්‍රී ලංකාව මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර නැතැයි ද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාව මේ වන විට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර ඩීසල් සංචිත යම් ප්‍රමාණයකට ඇති නමුත් පෙට්ට්‍රල් තොග අවසාන වී තිබේ.

බලශක්ති අමාත්‍යවරයා ජනතාවට දැනුම් දී ඇත්තේ පෙට‍්‍රල් සපයන්නේ සීමිතව බැවින් පිරවුම්හල්වල පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *