Latestදේශීය

කුමන්ත්‍රණ වලින් අපිව නවත්වන්න බැහැ, ආන්ඩුව ගෙදර යවනාමයි – ටිල්වින් සිල්වා

පසුගිය 09 වෙනිදා සිදුවූ ප්‍රචන්ඩත්වය ඇවිලීමේ පළමු සහ පූර්ණ වගකීම බාරගත යුත්තේ මහින්ද රාජපක්ෂ සහ එම පක්ෂයේ ප්‍රචන්ඩත්වය වෙනුවෙන් කතා කළ සහ ජනතාව සංවිධානය කළ අය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා පැවසූවේ මෙම සිදුවීම සැලසුමක් සහිතව ජනතා විමුක්ති පෙරමුණට බැර කරන්න උත්සාහ කරන බවයි. තම පක්ෂය ඉතා දැඩි වගකීමෙන් මෙම චෝදනාව මුළුමනින්ම හෙලා දකින බව ටිල්වින් සිල්වා මහතා පවසනවා.

මැරකම් කරපු අය ප්‍රචන්ඩත්වය වපුරපු අය ජනතා විමුක්ති පෙරමුණට මෙම විනාශකාරීත්වයේ වගකීම පවරන්න උත්සාහ කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ඔහු වැඩිදුරටත් පවසනවා.

මෙම කුමන්ත්‍රණ වලින් තම ගමන හෝ ආන්ඩුවට එරෙහිව සිදුකරන ක්‍රියාවලිය දශමයකින් හෝ ආපසු හැරවීමට නොහැකි බව පවසන ටිල්වින් සිල්වා මහතා නියත වශයෙන්ම ආන්ඩුව ගෙදර යවන බව පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?