Latestදේශීය

ජනාධිපතිගේ මූණවත් බැලුවේ නැහැ – හරීන් ප්‍රනාන්දු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අමාත්‍යධුරයක් භාර ගැනීමේදී පිළිකුලක් කැතක් දැනුන බව අද අමාත්‍යධූරයක දිවුරුම් දුන් හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

නමුත් රට වැටෙන්න යන අගාධයෙන් බේරා ගැනීම ඊට වඩා වැදගත් නිසා එම කැත පිළිකුල දරා අමාත්‍යධූරය භාරගත් බව ද ඔහු සඳහන් කළේ ය.

‘ගෝඨා ගෝ හෝම්’ යන්න තමන් තවදුරටත් විශ්වාස කරන නමුත් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වන්නේ නැති බව සහතික යයිද කියා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ඉල්ලා අස්වීමට වඩා රට යම් ප්‍රමාණයකට හෝ ස්ථාවර කර ධුරයෙන් සමුගැනීම සුදුසු යයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

අමාත්‍ය ධුරය භාර ගනිද්දී ජනාධිපතිවරයාගෙන් මුහුණවත් බැලුවේ නැති බවත් වචනයක්වත් කතා කලේ නැති බවත් තමන් දෙදෙනාගේ පින්තූර ද නැත්තේ ඒ නිසා බවත් හෙතෙම තවදුරටත් එහිදී පැවසීය.

හරීන් ප‍්‍රනාන්දු, මනුෂ නානායක්කාර ඇමතිවරුන් විසින් කොළඹ පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

මේ අවස්ථාවේ කල්පනා කළ යුත්තේ රටට අවශ්‍ය පක්‍ෂ දේශපාලනයක්ද අර්බුදයන්ට විසඳුමක්ද යන්න බව ද පැවසූ ඔහු තමන් ගත්තේ පක්‍ෂයට ගත නොහැකි වූ නමුත් ගත යුතුව තිබූ තීරණය බව ද කීය.

තමන් සමඟි ජන බලවේගය අතහැර නොමැති බව කී ඇමතිවරයා පක්‍ෂය නිර්පාක්ෂික අරගලයක් වෙනුවෙන් ස්වාධීන වූ බව ද පැවසූ ඔහු තමන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වූවත් සජබය සමඟ තරහ නොවන පැවසීය.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *