ක්‍රීඩාදේශීය

මට අවශ්‍ය පුද්ගලයො නෙමේ ක්‍රීඩාව දියුණු කරන්න – ක්‍රීඩා අමාත්‍ය

“මට මේ තනතුර එක්ක යාලුවෝවත් තරහකාරයෝවත් නෑ . මට අවශ්‍ය පුද්ගලයො නෙමේ ක්‍රීඩාව දියුණු කරන්න” ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජාතික තේරීම් කමිටුවේ රැස්වීම ට සහභාගී වෙමින් ප්‍රකාශ කරන ලදී.ජාතික ක්‍රීඩා සභාවේ සහ ජාතික තේරීම් කමිටුවේ පළමු රැස්වීම පසුගිය දා ක්‍රීඩා ජාතික ක්‍රීඩා සභාවේ දී පැවැත්විණි.එහි දී ක්‍රීඩාවේ පවතින ගැටලු සහ තීරණ පිළිබඳ සාකච්ඡා කළ අතර ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා හා සනත් ජයසූරිය මහතා ක්‍රිකට් තේරීම් කමිටුව සම්බන්ධ ප්‍රශ්නයක් පවතින බව පෙන්වා දෙන ලදී.

එසේ ම කෙත්තාරාම ක්‍රීඩාංගනයේ පහසුකම් අඩු බවට සහ පිහිනුම් තටාකයක් සහ තවත් පහසුකම් කිහිපයක ඇති අවශ්‍යතාවය පිළිබඳ ක්‍රීඩකයින්ගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ ව ද එහි දී සාකච්ඡා කරන ලදී. ඉදිරියේ දී පැමිණීමට නියමිත ලෝක කුසලානයට පෙර මෙම ගැටලු නිරාකරණය කළ යුතු බැවින් ,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මාර්ගයෙන් පුවත්පත් දැන්වීමක් පළ කර ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා පැමිණීමට කැමති අය විනිවිද භාවයකින් යුක්ත ව තෝරා ගැනීමට තීරණය කරන ලදී.

මේ සඳහා ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සනත් ජයසූරිය ඇතුළු සාමාජිකයින් රැසක් සහභාගි වෙන ලදී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *