Latestදේශීයවිදේශීය

රුසියාව තෙල් දෙන්න සූදානම් – අපි ගන්න සූදානම් නැහැ?

රුසියාවේ කසානි තෙල් සමාගමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට බොරතෙල් ලබාදීමට ඉදිරිපත් වී ඇතත් ශ්‍රී ලංකා රජය ඒ ගැන සැලකිල්ලක් දක්වා නැත.

තෙල් බැරල් මිලියන 24.9ක් රැගත් රුසියානු තෙල් නැව් 35ක් දැන් සූවස් ඇළ වෙත පැමිණ තිබේ.

රුසියාවේ උගරල්ප් තෙල් නිෂ්පාදනය දිනකට බැරල් 313,000ක් දක්වා වැඩි වී ඇති අතර රුසියාවට තෙල් අලෙවි කර ගැනීමට නොහැකි වී ඇත.

සූවස් ඇළේ සිට රුසියානු තෙල් නැව් වලට කඩිනමින් කොළඹ වරායට පැමිණිය හැකිමුත් ශ්‍රී ලංකාව තවදුරටත් මැදපෙරදිගින් තෙල් මිලට ගැනීමට ක්‍රියාකරන බව හෙළි වී ඇත.

“ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයූ ව්‍යාපාරික ජාලය රුසියාවෙන් අඩු මිලට තෙල් මිලට ගැනීමට ඉඩ දෙන්නේ නැත. මේ තෙල් ඒකාධිකාරය දිගටම ක්‍රියාත්මක වෙනවා” යැයි ආරංචි මාර්ග පැවසීය.

දිවයින පුවත්පත


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *