Latestදේශීය

කඩිනමින් ඩොලර් බිලියනයක් ගන්න පුලුවන් , හොරා කෑ ඩොලර් බිලියන 30 ගන්නත් පුලුවන් – “අපි එකයි” සංවිධානය  

වත්මන් ආර්ථික අර්බුධයට කඩිනම් විසදුමක් ලෙස ඩොලර් බිලියනයක මුදලක් ලබා ගැනීමට කටයුතු කරන බව “අපි එකයි” සංවිධානය පවසනවා.

එංගලන්තයේ මූළ්‍ය ආයතනයක් හරහා මෙම මුදල ලබා ගැනීමට හැකි බවත් ඒ සදහා භාන්ඩාගාර බැදුම්කරයක් රුපියල් වලින් ලබා දීම ප්‍රමාණවත් බවත් “අපි එකයි” සංවිධානයේ නිර්මාතෘ ආචාර්ය චානක සේනානායක මහතා පවසනවා.

වසර 2004 සිට 2019 දක්වා වසර 15 ක කාලය තුළ මෙරටින් ඩොලර් බිලියන 30ක් පමණ අයතා ලෙස රටින් පිටට  ගෙන ගොස් ඇති බවත් එම මුදල් නැවත අප රටට ගෙන ඒමට තිරසර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් ඇති බවත් සේනානායක මහතා වැඩිදුරටත් පවසනවා.

විවිධ රටවල සිදුකළ වංචාවන් හරහා දේශපාලනඥයින් එම රටවල ජනතා මුදල් වංචා කිරීමට එරෙහිව මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙත්, ලෝක බැංකුවෙත් පූර්ණ අනුග්‍රහයෙන්  “STAR” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් ඇති බවත් එම වැඩසටහන හරහා මෙරටින් පිටරටට වංචා සහගත ලෙස රැගෙන ගිය මුදල් නැවත අප රටට ලබා ගැනීමට හැකි බවත් චානක සේනානායක මහතා වැඩිදුරටත් පවසනවා.

මේ සදහා අවශ්‍ය වන්නේ විධිමත් ලියවිල්ලක් මෙන්ම අත්සන් මිලියනයක පෙත්සමක් බව පවසන සේනානායක මහතා එම අත්සන් ලබා ගැනීම දැනටමත් ආරම්භ කර ඇති බවද පවසනවා.

විවිධ රටවල දේශපාලනඥයින් මහජන මුදල් අවභාවිතා කිරීමට එරෙහිව ජනතාව “STAR” වැඩසටහන හරහා සංවිධානාත්මකව කටයුතු කර ඇති බව පවසන සේනානායක මහතා ඒ මගින් තම රටවලට මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කර ඇති බවද පෙන්වා දෙනවා.

හොරා කෑවේ කවුද යන්න වැදගත් නැති බවත් අවශ්‍ය වන්නේ මේ රටේ ජනතාවට අයිති මුදල් නැවත මේ රටට රැගෙන ඒම බවත් සේනානායක මහතා වැඩිදුරටත් පවසනවා.

“අපි එකයි” සංවිධානය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා පහතින්,

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?