Latestදේශීය

අපිටත් සල්ලි අච්චු ගහන්න මැෂින් දෙන්න – ව්‍යාපාරික සංසදය

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සදහා මුදල් අච්චු ගැසීමට නියෝග කිරීම පිළිබදව ප්‍රතිචාර දක්වන එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය පවසන්නේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ මුදල් අච්චු ගැසීමෙන් නම් තමන්ට ද මුදල් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ යන්ත්‍රය බැගින් ලබා දෙන ලෙසයි.

මාධ්‍ය හමුවක් කැදවමින් එම සංසදයේ සභාපතිනි ටානියා අබේසුන්දර මහත්මිය පවසන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් තව තම ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි බවයි.

මෙතෙක් කල් තම ව්‍යාපාර පවත්වාගෙන ආවේ ඉතුරු කරගත් මුදල් වලින් බවත් ඉදිරියට එසේ කරගෙන යාම ඉතා අසීරු තත්ත්වයකට දැන් පැමිණ තිබෙන බවත් ඇය වැඩිදුරටත් පවසනවා.

ඉදිරි මාසයක කාලය තුළ සියලුම ව්‍යාපාර කඩා වැටීමේ අවධානමක් ඇති බව පවසන එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය මෙලෙස ව්‍යාපාර කඩා වැටුනහොත් බැංකු පද්ධතිය පවත්වාගෙන යන්නේ කෙසේදැයි ප්‍රශ්ණ කරනවා.

බැංකුවලට ගෙවීමට ඇති ණය වාරික සදහා සහන කාලයක් ලබා දුන්නේ නැත්නම් ලක්ෂ 45ක් වූ සේවක සේව්‍ය පිරිස සමගින් මහපාරට එන එක පාර්ලිමේන්තුවේ 225ට නවත්වන්නට බැරි බව එම සංසදය අනතුරු අගවනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *