ආර්ථීකය බරපතල කඩාවැටීමක තිබියදිත් මහින්දගේ නිළ නිවස හදන්න රු. කෝටි 103ක් වැයකරලා – ධනුෂ්ක රාමනායක
මෙරට ආර්ථිකය කඩා වැටෙන බව හදුනාගෙන එය සමාජය තුළට නව අර්බුධයක් ලෙස පෙනෙන්නට පටන් ගත් 2019 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මහතා විසින් රටේ මුදල් තම දේශපාලන බලතල වලට මුවාවී තම පැවැත්ම උදෙසා භාවිතා කළ දැවැන්ත ව්‍යාපෘතියක් පිළිබදව ධනුෂ්ක රාමනායක මහතා විශේෂ හෙලිදරව් කරනවා.
රටේ මේ සා විශාල ආර්ථික අර්බුධයක් තිබෙන පසුබිමක හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විසින් තම නිළ නිවස අළුතින් ඉදිකිරීමට රුපියල් මිලියන 1036ක් (රුපියල් කෝටි 103ක්) වැයකර ඇතැයි රාමනායක මහතා වැඩිදුරටත් පවසනවා.
රටේ ජනතාවට අත්‍යාවශ්‍ය බොහෝ දේ නොමැති වටපිටාවක මෙවැනි ලෙස සම්පත් අවභාවිතා කිරීම රටට ආදරය කරනවා යැයි කියූ, පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කියූ රටේම මහ අප්පච්චිට සුදුසු දැයි ධනුෂ්ක රාමනායක මහතා වැඩිදුරටත් ප්‍රශ්ණ කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

